අවනීතියෙන් ඉන්දුනීසියාවට ගිය 310ක් දැලේ - 85ක් ලාංකිකයින්
March 1, 2015 12:28 pm
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් ඉන්දුනීසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු සුමත්‍රා ප්‍රදේශයේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වලංගු ගමන් බලපත්‍රයක් හෝ කිසිදු නීතිමය ලියවිල්ලක් ඔවුන් සතුව නොතිබු බව සඳහන්ය.
නීති විරෝධීව එරට රැඳී සිටීම සම්බන්ධයෙන් මෙම ශ්‍රී ලාංකිකයින් 85 දෙනාට අමතරව තවත් විදේශීය ජාතිකයින් 310 දෙනෙකු ද ඉන්දුනීසියානු ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පිරිස බෝට්ටු මාර්ගයෙන් ඉන්දුනීසියාවට පැමිණ ඇති බව එරට ආගමන විගමන බලධාරීන් පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර සෝමාලියානු ජාතිකයින් 170 දෙනෙකු ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 26 දෙනෙකු රෝහින්ගයා ජාතිකයින් 23 දෙනෙකු, සුඩාන් ජාතිකයින් 22 දෙනෙකු, පලස්තීන ජාතිකයින් 17 දෙනෙකු, ඉරාන ජාතිකයින් 17 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් 11 දෙනෙකු සහ දකුණු අප්‍රිකානු, පාකිස්ථාන, තායිවාන, නේපාල, ජාතිකයින් වන බව සඳහන්ය.