ලංකාවට විශිෂ්ට ජයක් - සංගා 117යි - තිරිමාන්න 139යි

ලංකාවට විශිෂ්ට ජයක් - සංගා 117යි - තිරිමාන්න 139යි

March 1, 2015   11:28 am


ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු තරඟයේ ඉතා විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනු එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 309ක් ලබා ගැනීමට සමත් වුණි.

එම ඉනිම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 121ක් ලබාගත්තේය.

පිළිතුරු  ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.2 දී ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය. 

එහදී ඉතා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුමාර සංගක්කාර සහ ලහිරු තිරිමාන්න ශතකයන් වාර්තා කිරීමට සමත් වුණි.

ඒ අනුව කුමාර සංගක්කාර ලකුණු  117ක් ලබා ගත් අතර ලහිරු තිරිමාන්න ලකුණු 139 ක් ලබා ගන්නා ලදී.

තිලකරත්න දිල්ෂාන් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් විය.