මංගල ජීනිවා යයි

මංගල ජීනිවා යයි

March 1, 2015   11:04 am



විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා චීන සංචාරයෙන් අනතුරුව ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර සංචාරයක නිරත වී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ හෙට දිනයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසියට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවා නුවරට ගොස් ඇති බවයි.

 මෙම සැසිය සඳහා රටවල් 65ක විදේශ අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිතය.

ඊට අමතරව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් මහතා හමුවීමට ද සැලසුම් කර තිබේ.
 
මේ අතර දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජිත ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා හමුවී තිබේ.

ඊයේ පස්වරුවේ මෙම හමුව සිදුවු බවයි නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍යාංශය සඳහන් කළේ.

එහිදි ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.