ලංකාවට 310ක ඉලක්කයක්

ලංකාවට 310ක ඉලක්කයක්

March 1, 2015   09:07 am




ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ  එංගලන්තය සමඟ පැවැත්වෙන තරඟයේ දී  ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 310ක ඉලක්කයක් හිමිව තිබේ.

තරගයේ කාසිය වාසිය දිනු එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී.

ඒ අනුව ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 309ක් ලබා ගැනීමට සමත් වුණි.

එම ඉනිම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 121ක් ලබාගත්තේය.

 මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 91 ලබා ගෙන සිටියි.