දඩයමේ ගිය 4ක් මාට්ටු - ඒ අතර වනජීවි නිලධාරීයෙකුත්

දඩයමේ ගිය 4ක් මාට්ටු - ඒ අතර වනජීවි නිලධාරීයෙකුත්

March 1, 2015   07:13 am

ඡායා රූ - රාහුල් සමන්ත

යාල ජාතික වන උද්‍යානයේ කටගමුව අභය භූමියේදී වෙඩි තබා මුවෙකු ඝාතනය කළ සැකකරුවන් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.


කටගමුව යුදහමුදා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ(28)   පෙරවරුවේ අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .

සංචාරකයින් රැගෙනයන සෆාරි ජිෆ් රථයක් යුද හමුදා නිලධාරීන් පරික්ෂා කිරීමේදී වෙඩි තබා ගාතනය කර ජිෆ් රථයේ දමාගෙන යමින් තිබු ඝාතනයට ලක්වු අදාළ  මුවාගේ ශරීරය හමුවී තිබේ .


පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් යාල වනජීවී නිලධාරීන්ට බාරදීමෙන් අනතුරුව තිස්සමහාරමා අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතු කර ඇති අතර පරික්ෂණ වලදී හෙළි වී ඇති කාරනා අනුව  අත්අඩංගුවට ගත සිව්දෙනා අතර  වනජීවී දෙපාර්තමෙන්තුවේ සේවයකළ අයෙකුද සිට ඇතිබවට හෙළි වී ඇත.