පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් අල්ලයි

පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් අල්ලයි

February 28, 2015   02:12 pm




හැටන්,දික්ඔය ටිලරි වතුයායේ ගබඩාකර තිබු පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වතු කම්කරුවන් පිරිසක් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව  අදාළ නිලධාරින් මෙම වැටලීම සිදුකර ඇති බව  අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

අදාළ සහල් තොගය අද දින වතුකම්කරුවන්ට බෙදා දීමට නියමිතව තිබු බව සඳහන්ය.

කෙසේ වෙතත් මේ වනවිට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් එම සහල්  ගබඩාවට මුද්‍රා තබා තිබේ.

එමෙන්ම පරිභෝජනයට නුසුදුසු සහල් බෙදා හැරිමට සැලසුම් කිරිම සම්බන්ධයෙන් වතු පාලනාධිකාරියට, ගබඩාකරුට සහ සහල් සැපයුම්කරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එහිදි ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මීට පෙරද මෙම වතුයාය මගින් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි වතුකම්කරුවන්ට බෙදා දිමට නියමිතව තිබියදි අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව විනාශ කරනු ලැබුණි.