ජෙෆ්රි ෆෙල්ට්මන් ලංකාවට පැමිණෙයි
February 28, 2015 08:36 am
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
සිව් දින සංචාරයක් සඳහා ඔහු මෙලෙස දිවයිනට පැමිණෙනු ඇත.
මෙරට සංචාරය අතරතුර දී ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ ඉහළපෙලේ නිලධාරීන් සහ දේශපාලකයින් පිරිසක් හමුවී සාකච්ජා කිරීමට නියමිතය.
ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානි අප්‍රිකාව, මැදපෙරදිග, මධ්‍යම ආසියානු කලාපයේ සාම ක්‍රියාවලිය ස්ථාපිත කිරීම සඳහා කැපී පෙනෙන කාර්ය බාර්යයක් ඉටු කර ඇති බව සඳහන්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වීමට පෙර ෆෙල්ට්මන් මහතා අමෙරිකාවේ විදේශ සේවයේ වසර 30 කට අධික කාලයක් නියැලී සිට තිබේ.