මාතරදී  වෙඩි තබා පුද්ගලයෙක් මරලා

මාතරදී වෙඩි තබා පුද්ගලයෙක් මරලා

February 27, 2015   10:32 pm




මාතර - වල්ගම මහානාම විද්‍යාලය අසළ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

 අද (27) රාත‍්‍රී 8.30ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාදුනන පිරිසක් මෙලෙස මොහුට වෙඩි තබා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සමර දිවාකර මොහොට්ටිගේ රංග ඉඳුනිල් නමැති විවාහක පුද්ගලයෙකු වන අතර ඔහු වල්ලගම ප්‍රදේශයේ කුලී පදනම මත හෝටලයක් පවත්වාගෙන ගිය  අයෙකි .

 වෙඩි වැදීමෙන් මියගිය අයගේ දේහය මේ වනවිට මාතර මහරෝහලේ තබා ඇති අතර වෙඩි තබා පලාගිය පුද්ගලයින් සොයා මාතර පොලිසිය පරීක්ෂණ අරඹා කර ඇත .

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.