ඩිවිලියර්ස්ගේ ප්රහාරයෙන් කොදෙව්වන් අසරණයි
February 27, 2015 04:15 pm
ඒ.බී ඩිවිලියර්ස්ගේ ප්රහාරාත්මක පිතිහරඹය හමුවේ ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ අද පැවැති තරඟයකින් ලකුණු 257ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට දකුණු අප්රිකා කණ්ඩායම සමත් විය.
ඒ ප්රතිවාදී බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජයට පත් කරමිනි.
ප්රථමයෙන් ලකුණු රැස්කළ අප්රිකාව කඩුලු 5ට ලකුණු 408ක් ලබා ගනිමින් මෙම තරඟාවලියේ මෙතෙක් එකම කණ්ඩායම ලෙස කොදෙව්වන් විසින් රැස් කර තිබූ ලකුණු 372ක පසුකිරීමට සමත් විය.
එහිදී ඩිවිලියර්ස් පන්දු 66දී වේගවත් ලකුණු 162ක් නොදැවී රැස් කළ අතර ඊට 6 පහර 8ක් හා 4 පහර 17ක් ඇතුළත් විය.
පිළිතුරු ඉනිමට කොදෙව්වන්ට ලබාගත හැකි වුයේ පන්දුවාර 33.1දී ලකුණු 151ක් පමණි.
ඒ අනූව මෙම තරඟයෙන් දකුණු අප්රිකාවට ලකුණු 257ක දැවැන්ත ජයක් හිමිවිය.