පළුදු වූ සබඳතා යළි ගොඩනඟා ගන්නවා

පළුදු වූ සබඳතා යළි ගොඩනඟා ගන්නවා

February 27, 2015   03:18 pm



පළුදු වී ඇති සබඳතා යළි ගොඩනඟා ගැනීමට   රජය සමග කටයුතු කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තම පළාතේ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට  රජය  ඉදිරිපත් වීම ගැන සතුට පළ කරන බවයි.

අධ්‍යාපන කටයුතු අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා සමග උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවති සාක්ඡාවකදී සී.වී.විග්නේෂ්වරන් මහතා මේ පවසා ඇත.

උතුරු පළාතේ පාසල් සම්බන්ධයෙන් පවතින ගැටලු කිහිපයක් පිළිබඳ එහිදී සාකච්ඡා වී ඇති අතර ඊට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා යෝජනා ඉදිරිපත් කර තිබේ.

එම යෝජනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමග කටයුතු කර ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට යොමු කිරීමට අපේක්ෂා කරන බව වී.රාධක්‍රිෂ්ණන් මහතා එහිදී ප්‍රකාශ කර ඇත.