මුන්දලම පොලීසියේ දෙන්නෙක්ගේ වැඩ තහනම්
February 27, 2015 03:09 pm
මුන්දලම පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
පොලිස් අත්අඩංගුවේ සිටි අදාළ සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ත්‍රි රෝද රථයකින් රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇත.
ඒ අනුව අදාළ සැකකරු අධිකරණය වෙත රැගෙන යමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මුන්දලම පොලීසිය මෙහෙයුම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.