චීනය ඇත්දළ ආනයනය වසරකට නවතයි
සයුරෙන් එතෙර

චීනය ඇත්දළ ආනයනය වසරකට නවතයි

February 27, 2015   09:16 am



ඇත් දළ ආනයනයට වසරක කාලයක් සඳහා තාවකාලික තහනමක් පැනවිමට චීනය තීරණය කර තිබේ.

චීන පාරිභෝගිකයන්ගේ විරෝධතා මධ්‍යයේ එරට රජය විසින් මෙම තීරණය ගැනීම වන අලි ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් පළමු පියවර ලෙස එරට වන සංරක්ෂණ බලධාරීන් පවසයි.

නීති විරෝධි ජාවාරම්කරුවන්ගෙන්  ඇත් දළ ආනයනය කරන    ලෝකයේ විශාලතම  රටක් ලෙස චීනය සැලකෙයි.

ඉදිරි   වසර කිහිපය තුළ   අප්‍රිකානු කලාපයේ වන අලි ගහණය සීඝ්‍රයෙන් පහත යනු ඇති බවට සත්ව සුරැකීමේ සංවිධානද පෙන්වාදෙයි.