කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවේ

කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවේ

February 27, 2015   08:43 am


හෙරොයින්  ග්‍රෑම් 11 යි මිලි ග්‍රෑම් 900ක් ළඟ තබාගෙන සිටි කාන්තාවක්  ඔරුගොඩවත්ත ගුවන් පාළම අසළදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමකදී 41 හැවිරිදි  අදාළ කාන්තාව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියට මත්කුඩු ලබාදුන් බව කියන 37 හැවිරිදි පුද්ගලයෙකු වේයන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.