උසස් පෙළ කරන්න ගණිතය අවශ්‍යම නැහැ
February 27, 2015 12:10 am
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් සිසුන්ට ද උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පවසන්නේ උසස් පෙළ සඳහා අයදුම් කිරීමේදී ගණිතය සමත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
කෙසේ වෙතත්, යම් රැකියාවකට, වෘත්තියකට , පාඨමාලාවකට, ආයතනයකට හෝ කිසියම් කාර්යකට සාමාන්‍ය පෙළ ගණිතය විෂය සමත්වීමේ අවශ්‍යතාව දක්වා ඇති විටක මෙම සහනය මත එය නිදහස් නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.