බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව ජය ලබයි

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව ජය ලබයි

February 26, 2015   04:43 pm


ලෝක කුසලාන  ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ ලද පරාජයෙන් පසුව අද බංග්ලාදේශයට එරෙහිව පැවැති තරඟයෙන් ලකුණු 92ක විශිෂ්‍ට ජයක් ලබා ගැනීමට සමත් විය.

 
මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව එක් කඩුල්ලකට ලකුණු 332ක් ලබාගත් අතර එහිදී තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 161ක්, කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 105ක් හා ලහිරු තිරිමාන්න ලකුණු 52ක් වශයෙන් ලබා ගන්නා ලදී.

 
පිළිතුරු වශයෙන් බංග්ලාදේශයට ලබාගත හැකි වුයේ පන්දුවාර 47දී සියලුදෙනා දැවී ලකුණු 240කි.

 
ඒ අනූව ශ්‍රී ලංකාව මෙම තරඟය ලකුණු 92කින් ජයගත්තේය.

 
බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ශබීර් රහමන් ලකුණු 53ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 3ක්, සුරංග ලක්මාල් හා තිලකරත්න ඩිල්ෂාන් කඩුලු 2බැගින් ද දවා ගන්නා ලදී.