අතුරු අයවැයේ සහන නොදුන් වෙ‍ළඳුන් 912ට එරෙහිව නීතිමය පියවර

අතුරු අයවැයේ සහන නොදුන් වෙ‍ළඳුන් 912ට එරෙහිව නීතිමය පියවර

February 26, 2015   04:25 pm


අතුරු අයවැයෙන් ලබා දුන් සහන ක්‍රියාත්මක නොකරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂක ජනරාල් ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදී එවැනි වෙළෙඳුන් 912දෙනෙක් හඳුනා ගැනීමට හැකිවූ බවයි.

ඒ අතුරින් වෙළෙඳුන් 340 දෙනෙකුට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බවද   ඔහු පැවසීය.