මෛත්‍රී බ්‍රිතාන්‍යයේත් සංචාරයකට සුදානම්

මෛත්‍රී බ්‍රිතාන්‍යයේත් සංචාරයකට සුදානම්

February 26, 2015   02:31 pm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
 
ලබන මස 07වන දින ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතවන බව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටින විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා බී.බී.සී. සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍යයේ  එලිසබෙත් මහ රැජිණගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යය සංචාරයේ නිරත වන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

ලබන 11වන දින එලිසබෙත් මහ රැජින සමඟ දිවා භෝජනයකටද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත බව විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලබන මස 31 වැනිදා පකිස්ථානයේද සංචාරය කිරීමට නියමිතව තිබේ.

ඒ ලබන මස අගදී චීනයේ සිදුකරන සංචාරය නිමා කරමිනි.

චීන සංචාරය නිමාකර ඔහු පකිස්ථානයට පැමිණීමට නියමිත අතර එහිදී දෙපාර්ශවය අතර ගිවිසුම් 9ට අත්සන් තැබීමට ද නියමිතව තිබේ.

පසුගිය මැතිවරණයේ ජයග්‍රහණයත් සමග පකිස්ථානු අගමැති නවාස් ෂරීෆ්  එරට සංචාරයකට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ආරාධනා කර තිබුණි.