යතුරු පැදිය පෙරළී දෙන්නෙක් මරුට

යතුරු පැදිය පෙරළී දෙන්නෙක් මරුට

February 26, 2015   01:22 pm



හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මහමොරකන්ද ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් තුවාල ලැබු යතුරුපැදිකරු සහ පසුපැදිකරු හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මළසිරුරු හබරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.