හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ හෙළිදරව්වක්

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ හෙළිදරව්වක්

February 26, 2015   07:05 am



විදේශ ගතව සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

රාජකාරී කටයුතු කිරීමේ දී තමාට තර්ජන එල්ලවන බව පවසමින් ප්‍රිශාන්ත ජයකොඩි මහතා ඔස්ට්‍රේලියාවට ගොස් එහි  රැඳී සිටියේය.

අද දිනයේ දිවයිනට පැමිණෙන ඔහු විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද පස්වරුවේ කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත වන අතර එහිදී මෙම හෙළිදරව්ව සිදුකරනු ඇති බව සඳහන්ය.