හෙරොයින් සමග කත මාට්ටු

හෙරොයින් සමග කත මාට්ටු

February 25, 2015   11:20 am



හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් රාජගිරියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් දුෂණ මර්ධන අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 80යි මිලිග්‍රෑම් 230ක් පොලිසිය බාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 වනවියේ පසුවන රාජගිරිය ප්‍රදේශයේම පදිංචිකාරියකි.

ඇය අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.