අවසන් ගමනේ බේරුණ ජීවිත

අවසන් ගමනේ බේරුණ ජීවිත

June 22, 2017  

Bookmark and Share
පිටිගල පොලීසිය විසින් අද(22) අලුයම කරන ලද වැටලිමකදි බලපත්‍ර නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් සිටි ලොරිරථ දෙකක් ස්ථාන දෙකකදි සැකකරුවන් හතර දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. එම ලොරිරථ තුළ ගවයන් දාහත් දෙනෙක් සිටි බව පොලීසිය පවසයි. ලොරිරථ දෙකෙහිම රියදුරන් දෙදෙනා පලාගොස් ඇති අතර, ඒ සමඟ ගමන් ගත් වැන් රථයද පලා ගොස් තිබේ . අත්තඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අලුත්ගම දර්ගා නගරයේ පදිංචි පුද්ගලයෙක් බව අනාවරණය වී ඇති ඇත. කෙසේ වුවත් ගවයන් සිරවි සිටිම නිසා ලොරි රථ දෙක තුළම ගවයන් දෙදෙනෙකු මිය ගොස් සිටි බව ද පොලීසිය පවසයි. ඡායාරූප - දීපාල් ද සිල්වා