මාලදිවයිනේ හිටපු ජනපති කුදලාගෙන යයි
සයුරෙන් එතෙර

මාලදිවයිනේ හිටපු ජනපති කුදලාගෙන යයි

February 23, 2015   11:01 am



අත්අඩංගුවට ගැනුණු මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඩ් මහතා    එරට අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.


එහිදී ආරක්‍ෂක අංශ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා අධිකරණ භූමියට රැගෙන ආ බව  විදෙස් වාර්තා අනාවරණ කළේය.

 
එම අවස්ථාවේදී තනිව අධිකරණයට යා නොහැකි බව පවසමින් මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා අධිකරණයට යාමට විරෝධය පළ කර තිබේ.


එම අවස්ථාවේ හමුදා භටයන් හිටපු ජනාධිපතිවරයාව අධිකරණ භූමිය වෙත බිම දිගේ ඇදගෙන ගිය බව  වාර්තා වෙයි.


ත‍්‍රස්තවාදී චෝදනා යටතේ මොහොමඞ් නෂිඞ් අත්අඩංගුවට ගැනුණේ පසුගිය දිනයේදීය.