මහේලගේ ශතකයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි
February 22, 2015 11:33 am
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණ තරඟයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.
තරඟයේ කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර එහිදී පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 232ක් ලබා ගන්නා ලදී.
ඒ අනුව ඇෆ්ගනිස්ථාන ඉනිම ආරම්භ කළේ ජාවෙඞ් අහමදී සමග නව්රොස් මංගල්. ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුව 34ක් වන විට පළමු කඩුල්ල ලෙස නව්රොස් දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වුණි.
එසේම මුළු ලකුණු සංඛ්‍යාව 40ක්ව තිබියදී තරඟයේ දෙවැනි කඩුල්ල ලෙස ජාවෙඩ් අහමදී දැවි ගියේ සුරංග ලක්මාල්ගේ පන්දුවකටය.
ඉන් පසු පිටියේ එක්වු අස්ගාර් ස්ටැනික්සායි සහ සමිවුල්ලා ෂෙන්වාරී 03 වන කඩුල්ල වෙනුවෙන් ලකුණූ 88ක සබඳතාවක් ගොඩනඟන ලදී.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.2 තරඟයේ ජය හිමිකර ගැනීමට සමත් විය.
එහිදී අගනා පිතිහරඹයක නිරත වූ මහේල ජයවර්ධන සිය 19 වන ශතකය ලබා ගැනීමට සමත් වු අතර ලෝක කුසලාන තරඟයකදී ලබාගත් ඔහුගේ සිව් වන ශතකයද වෙයි.