මහින්ද පරදවනවා!

මහින්ද පරදවනවා!

February 21, 2015   10:47 pm


මහින්ද රාජපක්ෂ මහත්මයා තමන් සමඟ මැතිවරණයකට තරඟ කළේ එක වරක් බවත්, එවර ඔහු ජනපති වුයේ වැඩි ඡන්ද ලක්ෂ එකහමාරකින් බවත්, එයද ප්‍රභාකරන්ගේ පිහිටෙන් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද වෙන්නප්පුවේදී පැවසීය.

එසේම යළිත් ඔහු බලයට ගෙන ඒමට පිරිසක් සුදානම්වන බවත්, ඊට තමාගේ අකමැත්තක් නැති බවත්, ඊට මුල් පුරා ඇත්තේ නුගේගොඩ කල්ලිය බවත්, අගමැතිවරයා එහිදී කියා සිටියේය.

කෙසේ වුවද ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවද ඔහු පරාජය කිරීමට තමන් සූදානම් යැයි ඔහු අවධාරණය කළේය.

තමන් කිසිවිටෙකත් ඉදිරි මහ මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස නොකරන බවද පැවසු අගමැතිවරයා මහමැතිවරණයෙන් ජාතික ආණ්ඩුවක් හදා රටේ සියලු ප්‍රශ්න අවුරුදු 2ක් තුළ විසඳිය යුතු බවද කියා සිටියේය.