කූඨ ලේඛන සැකසූ සැරයන් අත්අඩංගුවේ

කූඨ ලේඛන සැකසූ සැරයන් අත්අඩංගුවේ

February 21, 2015   09:48 am

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මරදාන දිසා ගබඩාවේ තිබු පොලිසියට නිකුත් කරන නිල සපත්තු කූඨ ලේඛන යොදාගනිමින් වංචාවක නිරත වු පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරු මරදාන දිසා ගබඩාවේ සේවයේ නියුතු මිනුවන්ගොඩ ප්‍ර දේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකු බව  වාර්තා වෙයි.


 කොළඹ වංචා විමර්ශන කාර්යංශය මගින් ඊයේ(20)  රාත්‍රී අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.


වංචා කර ඇති නිල සපත්තු වල වටිනාකම රුපියල් හාරකෝටියකට අධික බව වාර්තාවෙයි.