දක්ෂිණ අධිවේගයේ අනතුරක් - කතකගේ දිවි අහිමිවෙයි

දක්ෂිණ අධිවේගයේ අනතුරක් - කතකගේ දිවි අහිමිවෙයි

February 21, 2015   08:52 am



දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව, ගැලනිගම අතර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.


කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නැවත මාර්ගයට ගැනීමේ දී එම දිශාවටම ධාවනය වු වෑන් රථයක ගැටීමෙන් ඊයේ(20)  පස්වරුවේ අනතුර සිදුව ඇති බව  පොලිසිය සඳහන් කළේය.


අනතුරෙන් වෑන් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.


තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි එක් කාන්තාවක මියගොස් ඇති බව  පොලිසිය පැවසුවේය.


මියගොස් ඇත්තේ ගාල්ල,  එලියට්‍ පාර ප්‍රදේශයේ  පදිංචිව සිටි 86  හැවිරිදි කාන්තාවකි.