ඊජිප්තු ජාතිකයින් 21 දෙනාගේ ඝාතනය ලක්රජය හෙළාදකියි

ඊජිප්තු ජාතිකයින් 21 දෙනාගේ ඝාතනය ලක්රජය හෙළාදකියි

February 20, 2015   11:18 am



අයි.එස්.සටන්කාමීන් විසින් ලිබියාවේදී ක්‍රිස්තියානි ආගමික ඊජිප්තු ජාතිකයින් පිරිසක් ඝාතනය කිරීම තරයේ හෙළාදකින බව රජය පවසයි.

එම ක්‍රියාව මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකළ අපරාධයක් බව නිවේදනයක් නිකුත් කරමින් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මානව පැවැත්ම සඳහා බාධාවක්ව පවතින ත්‍රස්තවාදය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කළ යුතු බව අදාළ නිවේදනය මගින් මෙරට රජය පෙන්වා දී තිබේ.

ලිබියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් ඉලක්ක කරගනිමින් ඊජිප්තුවේ ක්‍රිස්තියානි ආගමිකයින්  21 දෙනෙකු පසුගිය 15 වැනිදා අයි.එස් සටන්කාමින් විසින් ඝාතනය කර තිබුණි.