පකිස්ථානය සමගත් න්‍යෂ්ටික ගිවිසුමක්

පකිස්ථානය සමගත් න්‍යෂ්ටික ගිවිසුමක්

February 20, 2015   10:23 am




න්‍යෂ්ටික බලශක්ති සහයෝගීතාව පිළිබඳ ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය පකිස්ථානය සමග සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති ඇමති පාඨලි චම්පික රණවක මහතා කියයි.

පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් සිවිල් න්‍යෂ්ටික ගිවිසුමකට අත්සන් තැබූ අතර ඉන් දින කිහිපයකට පසු මාධ්‍යවේදීන් අමතමින් විදුලිබල ඇමතිවරයා මේ බව පවසා ඇති බව ඉන්දියාවේ "ද හින්දු" පුවත්පත වාර්තා කරයි.

ඒ අනූව පකිස්ථානයේ තාක්ෂණික හා මානව සම්පත් ඊට යොදාගැනීම  සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට නියමිතය.

"අපි දැනටමත් රුසියාවේ  ROSATOM ආයතනය සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා," එසේම මේ සම්බන්ධයෙන්  ප්‍රංශය හා එක්සත් ජනපදය සමග එක්ව ගවේෂණ සිදුකරන බවද ඇමතිවරයා පවසා තිබේ.
 
ඉන්දියාව සමඟ එළඹි සිවිල් න්‍යෂ්ටික ගිවිසුමට අනූව  කර්මාන්ත, කෘෂිකර්මය හා ජල කළමනාකරණය යන ක්ෂේත්‍ර සඳහා එම තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.