බොකොහරාම් සටන්කාමින්ට ගුවන් ප්‍රහාර
සයුරෙන් එතෙර

බොකොහරාම් සටන්කාමින්ට ගුවන් ප්‍රහාර

February 19, 2015   08:29 am


දකුණුදිග නයිජර් ප්‍රදේශයට එල්ල වු ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට  පත්ව තිබේ.

නයිජීරියානු දේශසීමාව ආසන්නයට මෙම ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

හඳුනානොගත් ගුවන් යානා විසින් ප්‍රහාර 03ක්  මෙලෙස එල්ල කර තිබේ.

බොකෝහරාම් සටන්කාමීන් ඉලක්ක කොට මෙම ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්ය.