ක්‍රිකට් නිලවරණය 30දා
February 18, 2015 08:48 pm
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය එළඹෙන අප්‍රේල් මස 30 වන දින පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
විධායක කමිටුව විසින් මෙම නිලවරණය 30 වන දින පැවැත්වීමට ක්‍රීඩා හා සංචාරක අමාත්‍යවරයාගෙන් අනුමැතිය ඉල්ලා තිබුණු බවත්, එම අනුමැතිය ලැබීම හේතුවෙන් එදින නිලවරණය පැවැත්වීමට කටයුතු කෙරෙන බවත් ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ක්‍රීඩා පනතට අනුව ක්‍රිකට් ආයතන නිලවරණය මාර්තු මස 31 වන දින හෝ ඊට පෙර පැවැත්වීමට නියමිතව තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ක්‍රිකට් නිලවරණය කල් දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.