මාතර - කොළඹ  පාර වසා ධීවරයින් විරෝධතාවයේ

මාතර - කොළඹ පාර වසා ධීවරයින් විරෝධතාවයේ

February 18, 2015   10:03 am

මාගල්ල ධීවර සංස්ථාවේ කළමනාකරුට ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පළ කර මේවන විට ධීවරයින් විශාල පිරිසක්  මාතර  - කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් මාගල්ල ධීවර සංස්ථාව ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ධීවර කළමනාකාරවරයාට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා සුළුපන්න, එක්දින හා බහුදින යාත්‍රා ධීවරයින් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වන අතර මේ නිසා මාර්ගයේ ගමනා ගමන කටයුතු අවහිර වී ඇති බව අප වාර්තාකරු පැවසීය.