ඉන්දු - ශ්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලයි

ඉන්දු - ශ්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලයි

February 18, 2015   09:38 am

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම  ජාත්‍යන්තර‍ පරමාණුක ශක්ති එජන්සියේ ආරක්ෂක හා අනෙකුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල බව අමෙරිකාව  පවසයි. 



ආරක්ෂක හා අනෙකුත් ජාත්‍යන්තර ප්‍රමිතීන් හා පිළිවෙත් වලට අනුකූල හෙයින්  න්‍යෂ්ටික බලශක්ති පිළිබඳ කලාපීය සහයෝගීතාවයට සාදරයෙන් පිළිගන්නා බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ  මාධ්‍ය ප්‍රකාශක  පෙන් ප්සාකී මහත්මිය   සඳහන් කරයි.

 

ශ්‍රී ලංකා රජයේ පළමු න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම මෙය වන බවද ඇය පවසයි.

 
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් පසු නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව අදාළ ගිවිසුමට අත්සන් තබා ඇති බවද සඳහන්ය.


සම්පත් බෙදාහදා ගැනීම,   පිරිස් පුහුණු කිරීම, පුළුල් විශේෂඥ දැනුම ,  සිවිල් න්‍යෂ්ටික යටිතල පහසුකම් වැනි දේ අදාළ ගිවිසුමසට අනුව සිදුවන බවද පෙන් ප්සාකී පවසයි.


තවද විකිරණශීලා අපද්‍රව්‍ය කළමනාකරණය සහ න්‍යෂ්ටික හා විකිරණ ආපදා අවම කිරීම හා පාරිසරික ආරක්ෂාව  වෙනුවෙන් පහසුකම් එයින් සලසනු ඇත.