ජිනීවා වාර්තාව කල් දැමීමට අමෙරිකාවේත් සහය හිමිවෙයි

ජිනීවා වාර්තාව කල් දැමීමට අමෙරිකාවේත් සහය හිමිවෙයි

February 18, 2015   08:43 am




ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ප්‍රමාද කිරීමට ගෙන ඇති තීරණයට අමෙරිකාවේ සහය පළ කර තිබේ.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි අමෙරිකානු නියෝජිත කීත් හාපර් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති වෙනස්කම් පිළිබඳ සළකා මෙම සහය පළ කරන බවයි.


ශ්‍රී ලංකාවේ ආණ්ඩු වෙනස්වීමත් සමඟ සිදුව ඇති වෙනස්කම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව  ඔහු පවසයි.


මේ වනවිට ශ්‍රී ලංකාවේ ආණ්ඩු ව්‍යුහය වෙනස්වීමත් සමග නීතියේ ස්වාධිපත්‍යත් වගවීමේ යාන්ත්‍රණයත්, ප්‍රතිසන්ධාන ක්‍රියාවලියත් සුභදායක අතට හැරී ඇති බව සංවිධානයේ ජිනීවා හි අමෙරිකානු නියෝජිත කීත් හාපර් මහතා පවසයි.