පාප් වහන්සේට දුන් රුපියල් මිලියන 8.7 පරිත්‍යාග මුදල යළි දෙයි
February 16, 2015 02:02 pm
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස්පාප් වහන්සේගේ මෙරට සංචාරයේදී කතෝලික රදගුරු සභාව විසින් ලබාදුන් පරිත්‍යාග මුදල නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීමට උන්වහන්සේ තීරණය කර තිබේ.
පසුගිය මාසයේ උන්වහන්සේ මෙරට සිදුකළ සංචාරයේදී කතෝලික රදගුරු සභාව විසින් පාප් වහන්සේගේ සමාජ සුභසාධන අරමුදල සඳහා රුපියල් මිලියන 8.7 ක මුදලක් පරිත්‍යාග කරනු ලැබුවේය.
කෙසේ වෙතත් එම මුදල යළිත් වරක් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.
එම ආධාර මුදල යොදා ගනිමින් මෙරට වෙසෙන දුගී ජනතාවට පිහිට වන ලෙසත් ඒ පිළිබඳ තමාට වාර්තාවක් ලබාදෙන ලෙසත් පාප් වහන්සේ විසින් කාදිනල්වරයා දැනුවත් කර ඇති බව වාර්තා වේ.
කතෝලික රදගුරු සභාව විසින් එම මුදල රදගුරු වසම් හරහා දුගී ජනතාවට ලබා දීමට නියමිත බව සඳහන්ය.