මැතිව්ස් කෝටි 7.5ට විකිණෙයි
February 16, 2015 01:00 pm
මෙවර 11 වැනි ලෝක කුසලානයේ තරඟාවලිය පැවැත්වෙද්දීම 2015 අයි.පී.එල් තරඟාවලිය සඳහා ක්රීඩකයන් වෙන්දේසි කිරීම ද ආරම්භ විය.
අද ආරම්භ වූ එම වෙන්දේසියේදී ශ්රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියානු රුපියල් කෝටි 7.5කට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට අලෙවි වී තිබේ.
ඉන්දියානු රුපියල් කෝටි 1.5 ට ලංසුව ආරම්භකොට ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසිනි.
ඉන් පසුව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් විසින් කෝටි 4.2ක ලන්සුවක් ඉදිරිපත් කොට ඇති අතර ඉන් පසුව බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් විසින් කෝටි 4.5 ලන්සුවක් ඉදිරිපත් කොට තිබේ.
අවසානයේ ඉන්දියානු රුපියල් කෝටි 7.5 කට දිල්ලි දෙයාර් ඩෙවිල් කණ්ඩායමට මැතිව්ස් අලෙවි වී තිබේ.
කෙසේ වුවද කුමාර් සංගක්කාරට හා මහේල ජයවර්ධනට ලන්සු ඉදිරිපත් වී නොමැත.
අයි.පී.එල් වෙන්දේසියේදී ඉහළම වටිනාකම ලබාදී තිබුණේ යුවරාජ් සිංග්ට වන අතර එය ඉන්දීය රුපියල් කෝටි 16කි.
සෙසු ක්රීඩකයන් අලෙවි වූ වටිනාකම් පහත දැක්වෙයි.