ඉඩමක අයිතිය ගැන ගස උඩ විරෝධයක් - යුවළක් ගසේ
February 16, 2015 12:14 pm
පොළොන්නරුව, මහවැලි බී කලාපයේ, ඇල්ලේවැව ප්රදේශයේ මහවැලි කාර්යාලය ඉදිරිපිට ගසකට නැඟ අඹුසැමි යුවළක් සහ තවත් කාන්තාවක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
අද උදෑසන ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
තමන්ට හිමි කුඹුරු ඉඩමක් මහවැලි කාර්යාලය මඟින් වෙනත් පුද්ගලයකුට පවරාදීමට විරෝධය පළ කිරීම මෙහි අරමුණය.
මිට පෙර මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළ ද ඒ ගැන නිසි පියවර නොගැනිම හේතුවෙන් මෙලෙස විරෝධතාවයේ නිරතවන බව විරෝධතාකරුවන් පවසයි.