අයර්ලන්තයෙන් කදිම පාඩමක් - කොදෙව්වන්ගේ සිහින සුන්කර පෙරළිකාර ජයක් ලබයි
February 16, 2015 11:18 am
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී මෙතෙක් පැවැති තරඟවලදී ශ්‍රී ලංකාවට, එංගලන්තයට, පකිස්ථානයට හා සිම්බාබ්වේ කණ්ඩායම්වලට ප්‍රතිවාදීන් ලබාදුන් ඉලක්ක හඹාගොස් ජයගැනීමට නොහැකිවී අසරණ වූවද අද පැවැති තරඟයේදී කොදෙව්වන් ලබාදුන් ලකුණු 304ක ඉලක්කය ඉතා පහසුවෙන් හඹා යමින් ජය ලබාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.
මෙෙතක් පැවති තරඟ 5න්ම පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම ලකුණු 300 සීමාව ඉක්මවා ගිය අතර එසේ ලකුණු 300 ඉක්මවා යඹා යමින් මෙම තරඟාවලිය තුළ කණ්ඩායමක් ලබාගත් පළමු ජය ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වේ.
කෙසේ වුවද අයර්ලන්ත කණ්ඩායම අද තරඟයේදී කොදෙව්වන් ලබාදුන් ලකුණු 305 ඉලක්කය හඹාගියේ පන්දුවාර දී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී වීම විශේෂත්වයකි.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සැලකිය යුතු දක්ෂතා දක්වන ඉදිරියෙන් සිටින කණ්ඩායමක් ලෙස නොසැලකුණ ද ඔවුන් අතින් පරාජයට පත්වූයේ ලෝක කුසලානය දෙවතාවක්ම දිනා සිටි කණ්ඩායමක් විම තවත් සුවිශේෂී කරුණකි.
අද තරඟයේදී කොදෙව්වන් පළමුව පන්දුවට පහරදෙද්දී ඔවුන්ගේ කඩුලු 5ක් ලකුණු 87ට දැවී තිබියදී ලකුණු 304 දක්වා ඔවුන්ගේ ලකුණු පුවරුව ඉහළගියේ ඩැරන් සාමිගේ ලකුණු 89ත්, ලෙන්ඩි සිමන්ගේ ලකුණු 102ත් ආධාරයෙනි.
ඒ අනූව ඔවුන් පන්දුවාර 50දී කඩුලු 7ට ලබාගත් ලකුණු 304 ඉලක්කය පහසුවෙන් හඹාගිය අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 45.5දී කොදෙව්වන්ගේ සිහිනය බොඳ කළේය.
පෝල් ස්ටර්ලින් ලකුණු 92යි, එඩ් ජොයිස් ලකුණු 84යි, නියල් ඔ බ්‍රයන් නොදැවී ලකුණු 77ක් වශයෙන් එම ජයග්‍රහණයට දායක විය.
මෙම ජයග්‍රහණය නිසා මෙතෙක් පැවැති තරඟවලදී හඹාගොස් පරාජය ලැබීමට ඇති සමභාවිතාව අයර්ලන්ත කණ්ඩායම විසින් පහසුවෙන් වෙනස් කර ඇත.
ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟයේදීත්, එංගලන්ත - ඔස්ට්‍රේලියා තරඟයේදීත්, සිම්බාබ්වේ - දකුණු අප්‍රිකා තරඟයේදීත් හා පකිස්ථාන - ඉන්දියා තරඟයේදීත් ඉහත (රතු පැහැයෙන්) සඳහන් කළ කණ්ඩායම් 4ම ලකුණු හඹාගොස් පරාජයට පත්විය.