ඉන්දියාවට සහ දකුණු අප්‍රිකාවට ජය හිමිවෙයි
February 16, 2015 09:07 am
අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(15) පැවති තරග දෙකකින් ජය ගැනිමට ඉන්දිය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමත්විය.
ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය ඇඩිලේඩ්හිදි පැවති අතර කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවි ලකුණු 300 ක් ලබා ගත්තේය.
ඉන්දිය ඉනිම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 107ක්ද සුරේෂ් රෙයිනා ලකුණු 74 ක්ද ලබා ගැනිමට සමත්වුණි.
පිලිතුරු ඉණිම ක්‍රීඩාකළ පකිස්ථානු කණ්ඩායමට පන්දුවාර 47ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 224 ක් පමණය.
ඒ අනුව ඉන්දිය කණ්ඩායම ලකුණු 76 කින් එම තරඟය ජය ගැනිමට සමත්වුණා.
සිම්බාබ්වේ සමග අද පැවති තරඟය දකුණු අප්‍රිකාව ලකුණු 62 කින් ජයගත්තේය.
හැමිල්ටන් හිදි පැවති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 4ක් පමණක් දැවි ලකුණු 339 ක් ලබා ගත්තේය.
පිලිතුරු වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට සියථු දෙනා දැවි ලගබා ගත හැකි වුයේ ලකුණු 277ක් පමණය.
එම තරගයේදි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේව්ඩ් මිලර් සහ ජේ.පී ඩුමිනි 5 වන කඩුල්ල සදහා ලකුණු 256 ක සබදතාවක් පවත්වමින් ලෝක වාර්තාවක් තැබිමට ද සමත් විම විශේෂත්වයකි.