ලංකාවේ ධීවරයින්ටත් ඉන්දියාවෙන් නිදහසදෙයි
February 15, 2015 12:12 pm
ඉන්දීය අත්අඩංගුවේ සිටි මෙරට ධීවරයින් සහ ධීවර යාත්‍රා සියල්ල නිදහස් කර තිබේ.
ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරයට සමගාමීව මෙම ධීවරයින් පිරිස නිදහස් කර ඇති බවයි.
ධීවරයින් හය දෙනෙකු සහ ධීවර යාත්‍රා 24ක් මෙලෙස නිදහස් කර තිබේ.
මේ අතර පසුගිය සතියේ මෙරට බාරයේ තිබූ ඉන්දීය ධීවර යාත්‍රා සියල්ල නිදහස් කිරීමට රජය පියවර ගන්නා ලදී.