දුමින්දගෙන් පැය 6ක් ප්‍රශ්න කරලා!

දුමින්දගෙන් පැය 6ක් ප්‍රශ්න කරලා!

February 10, 2015   10:44 am


පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.

පකිස්ථානයේදී අත්අඩංගුවට ගත් වෙලේසුදා නොහොත් සමන්ත කුමාර නැමැති  මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් පසුගියදා සිදුකළ පාපොච්චාරණයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම ඇඳී තිබීම හේතුවෙන් මෙලෙස ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව සඳහන්ය.

එ් අනූව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණෙන ලෙසට දුමින්ද සිල්වා මහතාට දැනුම්දීමක් සිදුකර ඇත.

මේ පිළිබඳව ඉකුත් සතිය තුළ ආන්දෝලානාත්මක පුවත් වාර්තා වෙමින් තිබූ පසුබිමක නීතිඥවරුන් දෙදෙනෙකු සමග දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව කියැවෙයි.

මේ අතර දුමින්ද සිල්වාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 6ක් පමණ ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පොලිස් මූලස්ථානයේදී අද දහවල් පැවැති මාධ්‍ය හමුවකදීය.