රට සල්ලි රට ගෙනියන්න බැරිවෙයි

රට සල්ලි රට ගෙනියන්න බැරිවෙයි

February 10, 2015   09:19 am



නීතිවිරෝධී ලෙස විදේශ මුදල් තොගයක් මෙරටින් ගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.


රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේ සිංගප්පූරුව බලා යාමට පැමිණි පුද්ගලයෙකු අද(10)  අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.


සැකකරු 45 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු සිය ගමන් මල්ලේ සඟවා ගෙන මෙම මුදල් තොගය ගෙන යාමට උත්සාහ කර තිබේ.

සැකකරු සතුව තිබී යූරෝ, ස්ටලිං පවුම්, යෙන් යන විදේශ මුදල් වර්ග සොයා ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් හැත්තෑ හත් ලක්ෂ දාහත් දහස් හයලසිය තිස් හතරක් බව  ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.