පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

February 10, 2015   09:04 am





පාර්ලිමේන්තුව අද(10) පෙරවරුවේ යළි රැස්වීමට නියමිතව තිබේ.


මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳව අද දිනයේ විවාදයක් පැවැත්වීමට නියමිත බව  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

පෙරවරු 9.00 ට පාර්ලිමේන්තුව රැස්වී පස්වරුව 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව මෙම විවාදය ලබා දුන් බව ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා  සඳහන් කළේය.

මෙම විවාදයේදී පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව තම පාක්ෂිකයන්ට සිදුවූ හිරිහැර පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියේය.

ඒ පිළිබඳව පැහැදිලි කරන පාර්ලිමේන්තු මන්ත්රී් ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා.