පදික වෙළඳුන්ගේ මුදල් වංචා කළැයි කහඳගමගේ දෑතට මාංචු

පදික වෙළඳුන්ගේ මුදල් වංචා කළැයි කහඳගමගේ දෑතට මාංචු

February 9, 2015   05:09 pm





ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2015 . 01 19 දින පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත වැල්ලවත්ත පොලීසියේ වංචා විමර්ශන අංශය විසින් සැකකරු අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

පදික වෙළඳුන්ට  ඉදිකර දුන් වෙළඳසැල්වලින් කහඳගමගේ මහතා දිනපතා මුදල් එකතු කර ඇති බවත්, ඒවා නිසි පරිදි ගිණුම් ගත නොකර, වංචා කර ඇති බවටත් අදාළ පැමිණිල්ලේ සඳහන්ව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.