මහින්ද හිරේට යයි

මහින්ද හිරේට යයි

February 9, 2015   03:57 pm




රිමාන්ඩ් බාරයේ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් තිබේ.

තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා පිටතට එද්දී එහි සිටි මාධ්‍යවේදීන්  විසින් ඔහුගෙන් ප්‍රශ්න ඇසූ අතර ඊට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.

ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනවාද යනුවෙන් මාධ්‍යවේදීන් ඇසූවිට මහින්ද රාජපක්ෂ මහතා කිසිත් නොකියා සිටියේය.

එසේ නම් හිටපු ඇමති විමල් වීරවංශ මහතා විසින් ඉදිරි සතියේ සංවිධානය කරන දේශපාලන රැස්වීමට සහභාගි වෙනවාදැයි ඇසූවිට හිටපු ජනපති මෙසේ උත්තර දුන්නේය.


"මට තාම ආරාධනාවක් නෑ. මම දන්නෑ තාම එහෙම එකක් තියෙනවා කියලා. මම මේ ගමේ ඉඳලා ආවේ අද.
මම තාම දැක්කේ නෑ මොකක්වත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක්ද?

ආ හොඳයි බොහෝම ස්තූතියි කට්ටියට"



පසුගිය ජනපති මැතිවරණ සමයේදී තිස්ස අත්තනායක මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්විය.

එසේ එක්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රිපාල සිරිසේන මහතා අතර රහසිගත ගිවිසුමක් ඇති බවට මාධ්‍යවෙත කළ හෙළිදරව්වෙන් පසු අදාළ අත්සන් සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා විසින් වාර්තාවක් ලබාදෙමින් පවසා තිබුණේ ඒවා ව්‍යාජ අත්සන් බවට පරීක්ෂණවලදී තහවුරු වූ බවයි.

ඒ අනූව අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කෙරිණ.