සයුරෙන් එතෙර
ජෝර්දානය අයි.එස්.සටන්කාමීන්ට එරෙහිව වැඩ අරඹයි
February 9, 2015 08:58 am
අයි.එස්.සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ජෝර්දාන රජය පියවර ගෙන තිබේ.
මේ වන විට දින තුනක කාලයක් තුළ ජෝර්දානය විසින් අයි.එස්.සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර 56ක් එල්ල කර ඇති බව ජෝර්දාන ගුවන් හමුදා ප්‍රධානී මැන්සොර් අල් ජබාර් පවසයි.
අයි.එස්.සටන්කාමීන්ගේ භාණ්ඩ රැස්කර තබන ස්ථානවලට සහ අයි.එස්.සටන්කාමීන් සැඟව සිටින බවට සැක කරන ස්ථාන ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගියදා ජෝර්දාන ගුවන් නියමුවෙකු වු මොආෂ් අල් කසාබේ අයි.එස්.සටන්කාමීන් විසින් පනපිටින් පුළුස්සා ඝාතනය කිරීමත් සමඟ මෙම ගුවන් ප්‍රහාර දියත් කර ඇති බව මැන්සොර් අල් ජබාර් පවසයි.