එ.ජා.ප. දුෂණ ගැන පැමිණිලි කරන්න අපිත් අල්ලස්  කොමිසමට යනවා

එ.ජා.ප. දුෂණ ගැන පැමිණිලි කරන්න අපිත් අල්ලස් කොමිසමට යනවා

February 8, 2015   05:26 pm




එක්සත් ජාතික පක්ෂ රජයන් පැවති 2001 - 2005 කාලසීමාවේ ඔවුන් විසින් සිදුකරන ලද වංචා සහ දූෂණ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

 ඊට අදාළ ලිපිගොනු සකස් කර එම පැමිණිලි ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව  මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා සඳහන් කළේ අල්ලස් කොමිසමට විවිධ චෝදනා මත ලිපිගොනු ඉදිරිපත් කිරීම මේ වන විට හාස්‍යජනක ක්‍රියාවක් බවට පත්ව ඇති බවයි.

වැරදි පුද්ගලයින්ට එරෙහිව චෝදනා ඔප්පු කර දඬුවම් ලබාදීම වරදක් නොවන බව එහිදි සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා, නිවැරදි පුද්ගලයින්ට එරෙහිව විවිධ චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන් වංචනිකයින් බවට මතුකර පෙන්වීමේ මාධ්‍ය සංදර්ශන නැවැත්විය යුතු  බව එහිදෑ වැඩිදුරටත්  කියා සිටියේය.