අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
February 7, 2015 06:00 pm
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිත් කරන ලද නව රජයේ අතුරු අය වැය වැඩි ජන්ද 163කින් සම්මත වී තිබේ.
අයවැයට පක්ෂව ජන්ද 164ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ එක් ජන්දයක් පමණය.
පෙරටුගාමී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා අයවැයට විපක්ෂය ජන්ද ය දෙන ලදී.
මිට අමරතව විමල් වීරවංශ, ඩිව්.ගුණසේකර, තිස්ස විතාරණ, දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්රීගවරුන් අතුරු අයවැයට ජන්දය ලබාදීමෙන් වැලකී සිටියේය.
ජනතාවට සහන ලබාදීමේ අරමුණින් නව රජය විසින් අතුරු අයවැය පසුගිය ජනවාරි මස 29 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට අදාළ විවාදය තෙදිනක් පැවැත්වුණි.