පාසල් සිසුන් මත්කළ අයෙක් දැලේ

පාසල් සිසුන් මත්කළ අයෙක් දැලේ

February 7, 2015   02:13 pm



පාසල් සිසුන්ට මත් ගුලි අලෙවි කළේ යැයි සැකපිට මුන්දලම පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුන්දලම, කනමුල්ල පාසල අසලදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබී මත් ගුලි පාර්සලයක් ද සොයාගෙන තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.