ස්වාධීන පොලිස් කොමිසම ළඟදීම

ස්වාධීන පොලිස් කොමිසම ළඟදීම

February 7, 2015   12:36 pm




ස්වාධීන පොලිස් කොමිසම ඉතා ඉක්මනින් යළිත්වරක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව මහජන සාමය,  ආපදා කළමනාකරන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලසමය තුළ පොලිසිය දේශපාලනීකරණය වීම හේතුවෙන් ගැටළු රැසක් පැනනැගුණු බවයි.

පොලිස් නිලධාරීන් වෙත යුතුරුපැදි බෙදා දීමේ අවස්ථාවකට එක්වෙමින්  මහජන සාමය,  ආපදා කළමනාකරන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙම අදහස් පළ කළේය.