ඉන්දීය යාත්‍රා නිදහස් කරන බවට ඉඟියක්

ඉන්දීය යාත්‍රා නිදහස් කරන බවට ඉඟියක්

February 7, 2015   12:31 pm




ශ්‍රී ලංකාව බාරයේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට නව රජය කැමැත්ත පළ කර ඇති බව ඉන්දීය ධීවර සංගම් ප්‍රකාශකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.


ඒ අනුව ශ්‍රී ලංකාවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා 86ක් නිදහස් කරනු ඇති බව ඉන්දීය ධීවර සංගම් ප්‍රකාශ කර ඇත.


 පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඉන්දීය ධීවරයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබු මෙම ධීවර යාත්‍රා මේ වනවිට කන්කසන්තුරේ කරෙයි නගර් ත්‍රිකුණාමලය සහ තලෙයිමන්නාරම යන ධීවර  වරායන් වල නැංගුම්ලා ඇති බව ද එම ධීවර සංගම් ප්‍රකාශ කර තිබේ.


මෙම ඇතැම් ධීවර යාත්‍රා මේ වනවිට දිරාපත්ව ඇති බව   ඔවුන් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

 

මෙම ධීවර යාත්‍රා සම්බන්ධයෙන් මේ වනවිට අදාළ නීතිමය කටයුතු සිදුකෙරෙන අතර ඉතා ඉක්මනින් මේවා නිදහස් කිරීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා බලධාරීන් විසින් දැනුම් දුන් බව ද ධීවර සංගංම් ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.